අප රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සහ ව්යාපාරියන්ට රාජ්‍ය මැදිහත්වීම හරහා සහන නොලැබී යාමත් සිදුව ඇති බවත් මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් තවදුරටත් හඬ නගා මොවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට පොරොන්දු වූ වත්මන් රජය වගවීමට සහ වගකීමට ලක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ද විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice වැඩසටහන යටතේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය. අප රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන සත්‍ය වශයෙන්ම ආර්ථිකයේ කොදු නාරටිය වූ මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වා මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එලැබ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා එහිදී පවසා සිටියා. මොවුන්ගේ දායකත්වය ආර්ථික වර්ධනයට අවශ්‍ය බවත් එසේ වුවහොත් පමණක් 2028 විදේශ ණය ගෙවිය යුතු බවත් මේ වන විටත් පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් 2028 දී ණය ගෙවීමට නොහැකි වුවහොත් නැවත වරක් බංකොලොත්භාවයට රට පත්වන බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා. එම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් කෙරෙහි රජයේ අවධානය යොමු වී පැලැස්තර අස්ථාවර විසදුම් වෙනුවට ස්ථාවර තිරසර විසදුමක් ලබා දිය යුතු බවත් එම නිසා කරුණාකර මේ ක්ෂේත්රයේ නියුතුවන්නන්ගේ දුක ගැටලු අතහැර නොදමා මේවාට ප්‍රායෝගික විසදුම් මාලාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. බැංකු පද්ධතිය තුළද මොවුන් මුහුණ දෙන ගැටලු රැසක් ඇති බවත් රටේ ව්‍යවසායකයන්ගේ ප්‍රශ්න ගැටලුවලට ලබා දෙන විසදුම් සහ බැංකුවල ක්‍රියාකාරීත්වය ගැන ණය පොලී ගැන ද පාර්ලිමේන්තුවේ ඉදිරි දිනක අවධානය යොමු කරන බවත් කූඨ ආකාරයේ අනිසි ආකාරයෙන් විශාල පොලියක් සහ ණය බරක් අය කිරීමට ඉඩ දිය නොහැකි බවත් මෙකී අසාධාරණයට විරුද්ධවද හඬ නගන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
Published