මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ත පිළිබඳව ආණ්ඩුව අඛණ්ඩව අවධානයෙන් කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට සහ එම අනු කමිටුවට සහය වීම පිණිස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ.
විජිත හේරත්, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ සහ ඉංජිනේරු කුමාර ජයකොඩි එම කැබිනට් අනු කමිටුවට අයත් සාමාජිකයින් වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
අවශ්‍ය වුවහොත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්‍ෂික කමිටුවක් කැඳවීමට හැකි බවයි එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මැද පෙරදිග කලාපයේ ඇතිවූ යුද ගැටමු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඍජු ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළා.
ඊට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.