මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය හේතුවෙන් ලංකාවට මුහුණදීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් සොයා බලා ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමටයි එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර ඇත්තේ.
මෙම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව එම කමිටුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් පත් කර ඇති බවයි අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වුණේ.