මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල සිය ගුවන් කලාපය අද අලුයම 01 පමණ සිට යළි විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම කලාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව ගුවන්තොටුපොළ වෙත ළඟාවන බවයි කටුනායක ගුවන් තොටුපොළේ යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවේ.

එමෙන්ම තවදුරටත් කටාර් රාජ්‍යයේ ගුවන් කළාපය වසා දමා තිබුණ ද, සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ ඇතිවූ තත්ත්වයත් සමග මැදපෙරදිග කළාපයේ රටවල් වෙත හරවා යවා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම අද උදෑසන වන විට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානය මෙතෙක් කටුනායකට පැමිණ නැහැ.

කටුනායක ගුවන් තොටුපොළෙන් අද දිනයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද, නිශ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවයි වාර්තා වුණේ.

ඒ පිළිබඳ තවත් තොරතුරු තටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු ටී කේ ජී කපිලගෙන්.