සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලවයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල 299ක් වනවා. ලංකා සුදු ඩීසල් ලිීටරයක් ද රුපියල් 6කින් පහළ දමා තිබෙනවා. නව මිල සඳහන් වන්නේ 283ක්. රුපියල් 12කින් පහළ දමා ඇති සුපිරි ඩීසල් ලීිටරයක නව මිල 313ක්. කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වන්නේ නැහැ. එහි පැවති මිල වන රුපියල් 341, මිල තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.