අභිමානවත් ජාතියක ප්‍රෞඩ ඉතිහාසය ලොවට කියාපාන කොළඹ ජාතික කෞතුකාගාරය අපේ උරුමයකි.
එහි දී ශ්‍රී ලාංකේය සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ප්‍රගතිය හා පුරාණ යුගයේ සිට නූතන යුගය දක්වා විවිධ විෂයයන් ඔස්සේ ගවේෂණය කළ හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළම ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.
කොළඹ ජාතික කෞතුකාගාරය පැමිණෙන පාසැල් දරුවන්ට, දේශීය හා විදේශීය සංචාරකයින්ට අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදෙමින් අපේ කම ලොවට කියන්නට කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය සහ අනෙකුත් කාර්ය මණ්ඩල දැඩි වෙහෙසක් දරමින් කාරුණික සේවාවක් ලබාදෙයි.
ඔවුන්ගේ ඒ විශිෂ්ඨ වූ සේවාවට දිරිගැන්වීමක් වශයෙන් මැලේසියාවේ RSH Consulting ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් සහ දිවිදෙන රණවිරු පදනම මගින් ටී - ෂර්ට් ප්‍රධානය කිරිමක් 2025 නොවැම්බර් මස 20 වන දින දිවිදෙන රණවිරු පදනමේ සභාපති විශ්‍රාමික යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහ කොළඹ ජාතික කෞතුකාගාරය අධ්‍යක්ෂක ජෙනරාල් තුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.




