Published
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලුයම 03.00ට පමණ එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 27 දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට සහ හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් අතරින් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර පොලොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.