මිහින්තලේ රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය වලවාගැංගුනවැවේ ධම්මරතන හිමියන්ට වට්ස් ඇප් ඔස්සේ තර්ජනය කරමින් කප්පම් ඉල්ලීමේ සහ මිහිනත්ලාවට හඬක් යූ ටියුබ් නාලිකාවෙන් උන් වහන්සේට සහ මිහින්තලා පුද බිමට අපහාස කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය මගින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින මිහින්තලාවට හඬක් යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයා වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩී එල් සමරසිංහ මහත්මිය මිහින්තලේ පොලිසියට නියෝග කර තිබෙනවා මිහින්තලාවට හඬක් යූ ටියුබ් නාලිකාවේ සැකකාර පරිපාලකවරයා මානසික රෝග විශේෂඥ වෙද්‍යවරයෙකු හමුවට ඉදරිපත් කර ඊට අදාළ මානසික රෝග වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය මිහින්තලේ පොලිසියට තවදුරටත් නියෝග කර තිබෙන බවයි නෙත් නිවුස් අනුරාධපුර අධිකරණ වාර්තාකරු සඳහන් කර සිටියේ මෙසේ වාහාම අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් වරෙන්තු නිකුත් කළේ සහ මානසික රෝග ඵිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටත් නියෝග කළේ මිහින්තලාවට හඬක් යූ ටියුබ් නාලිකාfවි පාරිපාලකවරයා වන මිහින්තලේ නුවර පාර පදිංචි රංජිත් ඉදිරිසිංහ නැමැත්තාටයි. මෙසේ නියේග කලේ මිහින්ලේ රාජමහ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය වලවාගැංගුනවැවේ ධම්මරතන හිමියන්ට වට්ස් ඇප ඔස්ස් මරණ තර්ජනය කිරීමේ සහ මිහින්තලාවට හඬක් යූ ටියුබ් නාලිකාවෙන් අපහාස කිරීමේ සිද්ධීන් වලට අදළ නඩුව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි. අදාල සැකකරු මෙම සිද්ධියට අදාළව මීට පෙර මිහින්තලේ පෙලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කල අතර දැනට ඔහු සිටින්නේ අධිකරණය මගින් නියම කල දැඩි ඇප කොන්දේස මතයි. මිහිනත්ලේ රාජමහ විහාරාධිපති හිමියන්ගේ අයි්තිවාසිකම් වෙනුවනේ අධිකරණයට කරුණු දක්වමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සැකකරුට එරෙහිව කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අලුත්කඩේ දිසා අධිකරණයේ ද තවත් නඩු දෙකක් පවතින බවයි. එම සියලු නඩු වලින්ද සැකකරුට එල්ල කර ඇති චෝදනා වන්නේ මිහින්තලා රාජමහා විහාරාධිපතීන් වහන්සේට සහ මිහින්තලා පුදබිමට අපහස කිරීම තර්ජනය කර කප්පම් ඉල්ලීම ඇතුළු සිද්ධීන් වලට අදාළ ඒවාම බවද නීතිඥවරු කියා සිටියා. අධිකරණ තුනකින්ම දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින පසුබිමක සැකකරු තවදුරටත් අදාළ අපරාධය ක්‍රියාවන් වල අඛන්ඩව නිරතව සිටින බවද අවධාරණය කල නීතිඥවරුන් එක්‘ අතකින් මේ තුලින් සැකකරු අධිකරණයටද අපහාස කර ඇති බවත් අවධාරණය කර තිබෙනවා. පසුව සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටද පොලිසියට නියෝග කරන්නැයිද නීතිඥවරු ඉල්ලා සිටියා. මෙම නඩුවේ පැමිණිළිකාර මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාගැංගුනවැවේ ධම්මරතන හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හේමක සේනානායක සහ අනුරුද්ධ විජයරත්න සහ නීතිඥ අමීර් සේනාරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර පැමිණි්ල්ල වෙනුවෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් මහතා පෙනී සිට තිබෙනවා.