මිළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස් වූ අවස්ථාවේදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම නව අගවිනිසුරු ධූරය සඳහා පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.