Published
මීගමුවේ ප්රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය පැවුසවේ.
ඒ අනුව පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය යන ප්රදේශවලට එම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇති.
මීගමුව ජල සම්පාදන ක්රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.




