Published
මීගොඩ, ආටිගල මාවතේදී අද දහවල් සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතායි. වෙඩි තැබීමට හේතුව හා යොදා ගත් ගිනිඅවිය සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.