කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජයට සැලසුම් කිරීමට තිබුණේ මීට මාස දෙක තුනකට ඉහතදී පමණ බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසුවේ මීට පෙර මෙම තීරණය ගත්තේ නම් කීරි සම්බා මිල මෙතරම් ඉහළ නොයන බවයි.

රජය ගත් මෙම තීරණය සහල් මිල පාලනයට හේතුවක් වේවිද?

මෙහිදී ආනයනකරුවන්ට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය පිළිබඳ නිසි තීරණයක් ගත යුතු බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසුවා.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, අද සිට නොවැම්බර් මස 15 වනදා දක්වා එක් ආනයනකරුවකුට මෙටි්‍රක්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදු කිරීමට නියමිතයි.