Published
මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ, ඊයේ පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේ දීයි.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7යි දශම 7යි 5 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇති.
දේශීය හා ගෝලීය ප්රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුවයි මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ.
මුදල් ප්රතිපත්ති මණ්ඩලයේ අදහස වන්නේ වත්මන් මුදල් ප්රතිපත්ති ස්ථාවරය, උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහය වනු ඇති බවයි.




