Published
පුද්ගලික ආයතනයකට වයිෆයි ඇන්ටනා ලබාදෙන බවට පවසා, පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයින් දෙදෙනා අදාළ ආයතනයට වයිෆයි ඇන්ටනා ලබාදෙන බවට පවසා භාණ්ඩ ලබා නොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ අසූනවදාස් හයසිය අසූහතරක මුදලක් එලෙස වංචා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 සහ 34 යන වයස්වල පසුවන මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරකු ලබනවා.




