මුලතිව් නෙදුන්කේනි මාර්ගයේ නෙදුන්කේනි නගරයේ බෝක්කුවක් තුළ සැක කටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට නෙදුන්කේනි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි පෙරියකුලම්, කනගරායන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය වූ ස්ථානය නීරීක්ෂණය කිරීමේදී යම් වාහනයක කැබැලි විසිරී ඇති බවට නිරීක්ෂණය වී ඇති නමුත් එම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කේනි පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.