ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද වියළි ඉඟුරු සහ එන්නත් තොගයක් කල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය - ඒත්තාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී සිදුකළ වැටලීමකදීයි. එහිදී පොලිතින් උර 14ක අසුරා තිබූ වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 490ක් සහ එන්නත් පෙට්ටි 03ක් සොයාගෙන තිබෙනවා. කිලෝ ග්‍රෑම් 35ක් බර එම එන්නත් ආතරයිටිස් සහ සමේ රෝග සඳහා භාවිත කරන බවයි පොලීසිය පැවසුවේ. වියළි ඉඟුරු තොගය සහ එන්නත් තොගය ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.