Published
සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ අයෝජකයින්ට මෙරටට පැමිණීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වී නොමැති බවයි.
කෙසේවෙතත් වසරකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවට සෘජු විදෙස් ආයෝජන ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ තවත් රටවල් කිහිපයක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරමින් සිටින බවයි. මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.