මාසික මිල සංශෝධනය අනුව මෙම මාසයේ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12. 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙසත් කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,605ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇති බවයි ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කළේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකල ඉන්ධන මිල සංශෝධනය අනුව මිල ගණන් ගැලපීමට අයි.ඕ.සී සහ සිනොපෙක් සමාගම් ද තීරණය කර තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කළ ඉන්ධන මිල සංශෝධනය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමුනා.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමුනේ රුපියල් 12කින්.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 178ක් ලෙස පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 07කින්.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.