මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා ගතවූ මාස 08ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්  212,302 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම එම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර බවයි එම කාර්යංශය සඳහන් කළේ.

එම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 දෙකක්. එම මාස 08ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින්  82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 53,159කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 41,180 දෙනෙකු ද කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 30,263 දෙනෙකු ද එම කාලය තුළදී පිටත්ව ගොස් ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.