මෙම වසරේදී මෙරටට පැමිණි සමස්ථ විදේශිය සංචාරකයින් ගණන අද පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැවසුවේ අද පස්වරු 03.00 වන විට විදේශීය සංචාරකයින් පහළොස් ලක්ෂ හයසිය පනස් හය දෙනෙකු මෙම වසර තුළදී මෙරටට පැමිණි ඇති බවයි.
මෙම මාසයේදී පමණක් සංචාරකයින් එක් ලක්ෂ තිස් දෙදහස් තුන්සිය හැට අට දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අතරින් වැඩිම පිරිසක් පිළිවෙලින් ඉන්දීය, බි්රතාන්යය, රැසියානු, ජර්මානු සහ චීන ජාතික සංචාරකයින් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් ඞ සටහනක් තබමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්රයේ සියලුම පාර්ශ්වයන්ට මෙන්ම සංචාරකයන්ට ද ස්තූතිය පළ කරන බවයි.
අපගේ සුන්දරත්වය, සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරයෙන් පිරුණු දිවයින ගවේෂණය කරන ලෙස ශ්‍රී ලංකාව ලෝකයට උණුසුම් ලෙස ආරාධනා කරන බවද එම ඞ සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.




