Published
ලබන 10 වනදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රශ්න පත්‍ර පාසල් වෙත නිකුත් කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න අන්සතු වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. ශිෂ්‍යත්ව විභාගය මුල්කර ගනිමින් කුමන මාධ්‍යයන් ඔස්සේ හෝ තවදුරටත් විවිධ ක්‍රියාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය කියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පැවසුවේ. මේ අතර 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ. කිසිදු හේතුවක් මත ලබාදී ඇති එම සහන කාල සීමාව දීර්ඝ නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා. 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය එහි ඇතුළත් කර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකි වනවා.