Published
මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කළ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ ආරාමයක් අසලදී සැකකරුවන් දෙදෙනා විසින් එම මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි වත්තල පොලීසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 58 හා 67 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




