දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවූ මොන්තා සුළි කුණාටුව අද වන විට මුලතිව් සිට කිලෝ මීටර් 680ක් පමණ උතුරු දෙසින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් අවම වී යනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

ධීවර සහ නාවික ප්‍රජාවන් සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.