මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටමට පැමිණිමත් සමග වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බැවි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

2025-12-18 පස්වරු 02 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80 cm වන අතර සමස්ථ ජල ප්‍රතිශතය 98.92 % වනවා.

එමෙන්ම ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශ වෙතින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි තත්ත්වයේ වර්ධනයත් සමග බෝවතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය මොරගහකන්ද ජලාශයට ලැබීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බැවි නිකුත් කර ඇති නිවේදනයේ දැක්වනවා.

වාන් දොරටු විවෘත වීමත් සමග පොලොන්නරුව දිස්‍ර්තික්කයට ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදාවන් අවම කිරිම සදහා විමසිල්ලෙන් පසුවන ලෙස අදාල පාර්ශව දැනුවත් කරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජාලාශ) කාර්‍යභාර ඉංජිනේරු (මොරගහකන්ද,කළුගග) ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා සදහනන් කරනවා.