මොරටුව ප්‍රදේශය නව සංචාරක කේන්ද්‍රයක් කරමින් ඇරඹුණු Ramadia Grand සුඛෝපභෝගී හෝටලය උත්සවාකාරයෙන් විවෘත විය.

ඒ මොරටුව සහ පානදුර ප්රදේශයේ නව රැකියා අවස්ථා සියයකට වඩා ප්රෝමාණයක් ඇති කරමිනි.

රොඩේෂා සමූහ ව්‍යාපාරයේ නව ව්‍යාපාරික අංගයක් ලෙසින් එකතු වූ මෙම නවීන හෝටල් පරිර්‍ශය සු‌ඛෝපභෝගී කාමර 40 කට වඩා වැඩි ප්‍රමාණයක් , අමුත්තන් දහසකට වඩා එකවර අසුන්ගත හැකි ලංකාවේ උසම උත්සව ශාලාවක් අයත් වනවා.

තවද ආකාර්ශණීය ලෙස එකවර බොල්ගොඩ නදිය සහ ඉන්දියන් සාගරයේ දර්ශන දකින්නට හැකි rooftop අවන්හලකින් සමන්විත අතර , පහත මාලයේ ද තවත් අවන්හලක් ඊට අයත් වනවා.

මොරටුව ප්‍රදේශයේ නව සංචාරක කේනර්‍දයක් කරමින් ඇරඹුණු Ramadia Grand සුඛෝපභෝගී හෝටලය දේශීය විදේශීය සංචාරකයන්ගේ නැවුම් ගමනාන්තයක් ලෙසින් එක්වනු නොඅනුමානයි.