මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වර්ෂයේ දී, මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12ක් වෙත තම අභිමතය මත කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේ දී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවීමෙන් හා ව්‍යාපෘති සඳහා නීති විරෝධී ලෙස සහ අයුතු සහගත ලෙස මැදිහත්වීමෙන් දුෂණයක් සිදු කිරීම මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට හෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ