සංවිධානාත්මක අපරාධකරුවකුවා හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර නිපුණගේ සහෝදරයා වන දැනට විදේශ රටකට පලා ගොස් සඟවව සිටින මෝදර චතු නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි (20 සහ 26) වයසේ පසු වන දෙදෙනකු බවයි පොලිසිය පවසා සිටියේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මෝදර ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය භාරයට ගෙන තිබෙනවා.

එහිදී එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 හා අනිත් පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 14 ආසන්න ප්‍රමාණයක් සහ ජාවාරම මෙහෙයවූ ජංගම දුරකථනයක්ද මෙසේ භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින මෝදර නිපුණ නමැත්තාගේ සහෝදරයකු වන මෝදර චතු නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය මෙසේ ජාවාරම් කර ඇති බවයි

පොලිස් භාරයට ගත් එක් සැකකරුවකු මීට මාස කිහිපයකට පෙර පුනරුත්වාපනය වී නැවතපැමිණි අයෙකු බවද පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසියට භාරදී තිබෙනවා.