ජී7 සමුළුව සඳහා සහභාගී වීම වෙනුවෙන් සිදු කෙරෙන සිය කැනේඩියානු සංචායට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ සයිප්‍රසයට පැමිණියේය.
ඒ දෙදින සංචාරයක් සඳහායි.
සයිප්‍රසයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට එරට ජනාධිපති නිකොස් ක්රිස්ටෝඩෝලිඩීස් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ සයිප්‍රස් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙනු ඇති.
එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
දශක දෙකකට පසු ඉන්දීය අගමැතිවරයකු සයිප්‍රසයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
සයිප්‍රසය යනු ඉන්දියාවේ මධ්‍යධරණී කලාපයේ සහ යුරෝපා සංගමයේ සමීප මිතුරෙකු සහ වැදගත් හවුල්කරුවෙකු බව ද පැවසේ.
මෙම සංචාරය ඓතිහාසික බැඳීම් මත ගොඩනැගීමට සහ වෙළඳාම, ආයෝජන, ආරක්ෂාව, තාක්ෂණය යන ක්ෂේත්රවල අපගේ සබඳතා පුළුල් කිරීමට සහ දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් සපයන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
මෙම සයිප්‍රස සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැනඩාවට සහ ක්‍රොඒෂියාවේ ද සංචාරය කිරීමට නියමිතයි.