ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නැවත පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඉන්දික ද සේරම්, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන් සහ තරංග පරණවිතාන යන අය තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත් කිරීමට නියමිතයි.

උපුල් තරංග සභාපති ධූරය දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාල අවසන්වීම හේතුවෙන් එලෙස නව තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

2021 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කෙරුණා. 2023 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් පසු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කෙරුණා.