යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී අනවසරෙන් මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.

ට්‍රෝලර් යාත්‍රා හතරකින් පැමිණ මෙරට මුහුදු සීමාව අක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් අදාළ ඉන්දීය ධීවරයන් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම ධිවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දි තිබෙනවා.

ඒ අනුව මන්නාරම ධිවර පරීක්ෂක කාර්යාලය විසින් එම ඉන්දීය ධීවරයින් පිරිස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.