යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයින් තවදුරටත් අදහස් පළ කරනවා.
එවන් පසුබිමක් තුළ රටේ යහපත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නව කෙටුම්පත සකස් කළ යුත්තේ කෙසේද?
මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ සොයා බැලීමක්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් බලයේ සිටි බොහෝ ආණ්ඩු අතර සංවාදයට ලක්වූ මාතෘකාවක්.
එමෙන්ම වත්මන් ආණ්ඩුවද එම කටයුත්තට මේ වන විටත් මූලාරම්භයක් ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයටද ඉදිරිපත් කරන බවයි.
ව්‍යවස්ථාව යනු රටේ ආර්ථිකය හා ඍජුව සම්බන්ධ වන පුරුකක්.
එසේනම් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීමේදී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.
පසුගිය කාලයේ රටේ ආර්ථිකය බංකොලොත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙලෙස කරුණු දැක්වුවා.




