යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය නම් රජය එය විනිවිදභාවයෙන් යුතුව සිදු කළ යුතු බවයි.

යෝජිත නව අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් කළ යුතු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නව අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

නව අධ්‍යාපන ක්‍රමවේදය තුළින් සෞන්දර්ය විෂයට හෝ ඉතිහාසය විෂයට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි ජාතික ජන බලවේගයේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.