දීර්ඝ කාලයක් අප රටේ තාරුණයට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව වැදගත් නියෝජනත්වයක් ලබා දුන් යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින්ම දේශපාලනීකරණය වී වත්මන් රජයේ අතකොලුවක් බවට පත් කර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද citizen voice වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග පැවැති හමුවකදියි. යෞවන සමාජ ක්⁣ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් යෞවන සමාජ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක වු මණ්ඩල අද කුසලතාවට නිපුණතාවට වඩා ජවිපේ යටත්විජිතබාවයට ලක්ව ඇති බවත් ඉදිරියෙ දී පැවැත්වෙන ජාතික මණ්ඩලය සදහා දේශපාලන අතකොලුවන් පත් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා රාජ්‍ය බලය ආණ්ඩු බලය ඇමති නිලධාරී බලයන් උපයෝගී කර ගෙන තරුණයන්ට බලපෑම් කරන බවත් වත්මන් රජය උදුරාගත් තරුණ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තරුණයන්ට නැවත ලබා දෙන ⁣බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වඩාත් ප්‍රගතිශීලි නුතනවාදි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට යොමුවන බවත් රජය මේ කළ වැරදි ක්‍රියාවලිය අහෝසි නොකළහොත් මේ පහත් දුර්දාන්ත ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේ දී තරුණයන්ට පිළිතුරු දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.