ටෙස්ට් ක්‍රිකට පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ වමත් වේගපන්දු යවන්නාගේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සමත් වී තිබෙනවා.

ඒ, එංගලන්තය සමග මේ වන විට පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේදීයි.

එහිදී එංගළන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ඔහු කඩුලු හයක් බිඳ හෙලුවා.

ඒ අනුව මිචෙස් ස්ටක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිඳ හෙලූ සමස්ත කඩුලු සංඛ්‍යාව 418ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස ඔහු බිඳ හෙලුවේ ලොව සුපිරි වමත් වේගපන්දු යවන්නෙකු වන පකිස්තානයේ වසීම් අක්‍රම් බිහිකර තිබූ වාර්තාවයි. 2002 වසරේ ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට බිඳහෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 414ක්.

ටෙස්ට් ක්‍රිකට පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ වමත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ රංගන හේරත්.

ඒ, කඩුලු 433ක් බිඳ හෙළමින්.

එම වාර්තාව ද බිඳ දැමීමට මිචෙස් ස්ටක් තවත් දවාගත යුතු වන්නේ කඩුලු 15ක් පමණයි.