2025 ආසියානු සත්සාමාජික රග්බි කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයෙන් ප්‍රබල ජපානය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 12 - 15ක් ලෙස පරාජයට පත්වුණා.

කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති මෙම තරඟයේ ආරම්භයේ සිට ජපානයට ප්‍රබල අභියෝගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වුණා.

ලකුණු පළමු අර්ධය අවසන් වුණේ කණ්ඩායම් දෙකම ලකුණු 05ට 05ක් ලෙස සම තත්ත්වයේ සිටියදීයි.

මෙම තරඟාවලියේ අනෙක් අවසන් පූර්ව තරඟයෙන් චීනය පරාජය කර ලකුණු 29ට 12ක් ලෙස පහසු ජයක් ලැබීමට හොංකොං කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ජපානය සහ හොංකොං කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තා.

අවසන් පූර්ව වටයේ දී පරාජය වූ ශ්‍රී ලංකාව හා චීනය සමග තෙවන ස්ථානය වෙනුවෙන් තරඟවැඳීමට නියමිතයි.