මෙරට ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට වාරණ දැමීමක් නියාමනයක් සිදුකිරීමට රජයේ කිසිදු අවධානයක් යොමු වී නැති බවත් එහෙත් ප්‍රාදේශීය විසිරී සිටින මාධ්‍යවේදීන්ගේ සුබ සිද්ධිය සඳහා රජයේ කඩිනම් අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා 23 වනදා දින පවසා තිබෙනවා.
එමෙන්ම මහා භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදල් බෙදා හරින්නේනැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කිරීම ආධුනික පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ සිදු නොකරන ප්‍රකාශයක් බව හෙතෙම සඳහන් කර සිටියා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරයෙන් පිට ඉදි කෙරෙන පළමු ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල්ගල තැබීමේ අවස්ථාවට දඹුල්ල නගරයේදී එක්වෙමිනි.
රුපියල් මිලියන 129 ක් වියදම් කොට ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් දඹුල්ල නගරයේ ඉදිකිරීමට රජය තීරණය කොට තිබෙනවා.
ඒ අනුව මුල්ගල තැබීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මුල්ගල තැබීමේ අවස්ථාව සිදුකෙරුණු අතර කඩිනමින් මෙය ඉදි කොට ජනතාවට සේවා සැපයීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.
අතීතයේ සිට තැපැල් සේවාව පිළිබඳව මහජනතාවගේ මෙසේ ගෞරවයක් දැක්මක් නොතිබුණු බව ඔහු සඳහන් කළ අතර පැරැණිම දෙපාර්තමේන්තුව වන තැපැල් දෙපාර්තමේන්තු මේ වන විටත් මිලියන පන්දහසක අලාභයකට පවත්වාගෙන යන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළා.
තැපෑල තිබුණු තත්ත්වයෙන් එහාට ජනතා සේවා සපයන ආයතනයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවයි නලින්ද ජයතිස්ස මහතා සදහාන් කර සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරන ලද මුදල් බෙදා දෙන්නේ නැත්තේ කුමක් නිසා දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවයි.
ප්‍රාථමික ප්‍රකාශයක් කිරීම පිළිබඳව ඔහුට කියන්නට වචනයක් හෝ නැති බව හෙතෙම සඳහන් කළ අතර ආධුනික මන්ත්‍රීවරයකු හෝ එවැනි පහත් ප්‍රකාශයක් නොකරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දඹුල්ල නගරය වෙනම වාණිජ නගරයක් ලෙස පහසුකම් සපයා සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී දඹුල්ල නගරයට නව ඉදිකිරීම් රැසක් ලබාදීමට මේ වන විටත් අයවැයෙන් මුදල් වෙන් කොට ඇති බවද ඒ මහතා පැවසීය.
මාධ්‍යවේදීන් පිළිබඳව සහ මාධ්‍ය ආයතන පිළිබඳව රජයේ මතය කුමක්දැයි යන්න මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා හෝ ජනමාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශයන් වගකීමෙන් සිදුකළ යුතු බවයි.
කිසිදු ආකාරයෙන් මාධ්‍ය නියාමනයකට ලක් කිරීම හෝ හිරිහැරයක් කිරීමට රජයේ කිසිදු අවධානායක් නොමැති බවත් එහෙත් ඉදිරියේදී සමාජ මාධ්‍ය භාවිතා කරන අය පිළිබඳව විශේෂ නීති රාමු ගෙන ඒමට මෙවන විටත් ජනතාවගේ අදහස විමසමින් සිටින බවද ඒ මහතා සඳහන් කරන්නට විය.
රට වටා විසිරී සිටින ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සිදුකරන සේවාව ඉදිරියේදී රජය ඇගයීමට ලක් කරන බවත් ඔවුන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම උපකරණ ලබා දීම සඳහා විවිධ වැඩසටහන් දේශීය මෙන්ම විදේශීය අත්දැකීම් හුවමාරු වැඩසටහන් රැසක් ඉටුකිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන වල මෙදිනවල පැවැත්වෙන අය වැය පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඉතා සූක්ෂම ලෙස පක්ෂ ලේකම්වරුන් එම පරාජය කිරීම් සඳහා තම මන්ත්‍රීවරුන් යොදවා ගන්නා බවයි.
පළාත් පාලන ආයතන වල සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා ප්‍රාදේශීය සංවර්ධනයට කැමැත්තෙන් දායකත්වය ලබාදෙන බවත් ඔහු සඳහන් කිරීම විශේෂත්වයකි.




