Published
මින් ඉදිරියට රජය විසින් ගොඩනැගිලි ඉදිකිරීමේදී දැඩි කොන්දේසි මත පිහිටා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට හැර වෙනත් ඉදිකිරීම් සඳහා ප්‍රමුඛතාවය ලබා නොදීමට තීරණය කර ඇති බවයි.
මින් ඉදිරියට නගර සභා හරහා යළි සුපිරි වෙළඳසැල් ඉදි නොකරනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.
පාලු අඳුරු ස්ථාන බවට පත්ව ඇති රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැගිලි පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.




