Published
ආර්ථික අර්බුදයක් පැවති කාලයේදී රට හැරගිය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින මෙම කාලසීමාව තුළදී අදාළ වෛද්‍යවරු ගෙන්වා ගැනීමට රජය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
නීත්‍යනුකූල නොවන අන්දමින් රට හැරගිය වෛද්‍යවරු මෙරටට පැමිණීමේදී සෞඛ්‍ය අංශයේ පවතින නීති රෙගුලාසි ලිහිල් කරමින් ඔවුන් නැවත වෛද්‍ය වෘත්තියට බඳවා ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් පැවසුවේ .