Published
දැනට විදෙස්ගත වී ඇති සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් එහිදී ප්රමුඛ අවධානයක් යොමුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. දැනට පුද්ගලයන් 30,000කට 01ක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට 01ක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බවයි මෙහිදී අනාවරණය කර ඇත්තේ. දැනට සෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්රය ද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.