Published
ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ඉන්දියාවේ උවමනාව දශමයකින් හෝ අඩු වී නොමැති බව මහාචාර්ය, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.
ඒ අනුව ඉන්දියාව සමග ගිවිසුම්ගත වීමේදී ශ්‍රී ලංකාව වඩාත් ප්‍රවේසම් විය යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ.
කොකාවිල් ප්‍රහාරයේ 25 වන සැමරුමට එක්වෙමින් මහාචාර්ය, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මෙම අදහස් පළ කළා.