Published
තවත් වසර 05කින් මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේ එහි එක් අදියරක් ලෙස මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 18ක අපනයන ආදායම් ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.
මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයකට පැමිණ ඇති බව පෙන්වමින් කොටස් වෙළඳපොළ ගනුදෙනුද සීග්රයෙන් වැඩි වී ඇතැයි ශ්රී ලංකා කොටස් වෙළඳ පොලේ ප්රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2023 හා 2024 වර්ෂ හා සාපේක්ෂව ගත්කළ දෛනික කොටස් වෙළඳපොළ ගනුදෙනුද සීග්රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඉකුත් දා පැවසුවේ රාජ්ය ආදායමට දායක වන සියලු ක්ෂේත්රවල ආයතන මේ වසරේ ආදායම් ඉලක්ක අබිබවා යමින් ඇති බවයි. ඒ අනුව අයවැය ලේඛනයෙන් අපේක්ෂිත ටි්රලියන 4යි දශම 5කට වැඩි ආදායමක් ලබා ගත හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.