Published
“රටම එකට” ජාතික මෙහෙයුමට අනුව පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී වැටලීම් 987ක් සිදු කර තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. දිවයින පුරා ක්‍රියාත්මක කළ එම මෙහෙයුම හරහා සැකකරුවන් 971 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 22කට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.




