රාජ්‍ය ස්වාධිපත්‍යයට බලපෑමක් එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු බල දේශපාලනය කෙසේ හෝ පාලනය කළහොත් එය රජයේ දීර්ඝකාලීන ජයග්‍රහණයක් බව සමාජ විශේෂඥයින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජනතාවද රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පැවසුවේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනේ සමාරම්භය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.