විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ සිය තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභව පවසනවා. විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නංවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණා. ඊට අදාළ ඉල්ලීම එම මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පළාත් 08ක් ආවරණය වන පරිදි සිදු කළ බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ. ඊට පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා. බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය ලබන 8 වනදා සිදු කිරීමට නියමිතයි. එම කටයුතුද අවසන් වීමෙන් පසු සියලු කරුණු සලකාබැලීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව නිකුත් කරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
Published