Published
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතරයි. බොහෝ දුරට මෙම තරඟයෙන් පරාජය වන කණ්ඩායමට තරඟාවලියෙන් ඉවතට විසි වීමට සිදු වනු ඇති. ඒ, මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගි වූ පළමු තරඟය පරාජයට පත්ව තිබීම හේතුවෙන්. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වනු ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ දුරට පන්දු යවන්නෙකු එක්වීමට නියමිතයි. ක්‍රීඩා මාධ්‍ය වාර්තාවලට අනුව දුනිත් වෙල්ලාලගේ වෙනුවට අද තරඟයේදී මහීෂ් තීක්‍ෂණ කණ්ඩායමට එක්වනු ඇති බව සඳහන්. ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක තරඟය අද රාත්‍රී 08ට ආරම්භ වන්නේ අබුඩාබි ක්‍රීඩාංගණයේදීයි.