පළාත් මට්ටමින් පවතින ගුරු පුරප්පාඩු 20,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

එම පුරප්පාඩුවලින් 13,000කට ආසන්න ප්‍රමාණයකට පත්වීම් ලබාදීමට හැකියාව ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ.