ගංවතුර, නායයෑම් සහ සුළි සුළං හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක 25ම ජන ජීවිතයට එල්ල වූයේ දැඩි බලපෑමක්.

ඒ තුළින් අසරණ වූ පිරිස ලක්ෂ 18කට අධිකයි.

ඒ අතරට රටේ හෙට දිනය බැබලවීමට සිටි දුවාදරුවන් ද අයත්.

ගංවතුර, නායයෑම් සහ සුළි සුළං වැනි ස්වභාවික විපත්වලට එම දරුවන්ගේ අනාගතයට බලපෑමක් කිරීමට අප ඉඩදිය යුතුද?

හැමදාම රටේ අනාගතය භාර ගන්නා දරුවන් වෙනුවෙන් පෙනී සිටින නෙත් එෆ් එම් අපි, දිරිය නෙත් “නැණ සවිය” අරඹන්නේ ඒ දරුවන් වෙනුවෙන්.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත කේ දහනායක මහතා.