Published
සිය මූල්‍ය වත්කම් ප්‍රමාණය මෙම වසරේදී රුපියල් මිලියන 2,491ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එමෙන්ම පසුගිය මාස 10 තුළ සිය මණ්ඩලයේ ලාභය රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීමට ද හැකි වූ බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ.
පසුගිය වසරක කාලය තුළ ගොවීන්ට රක්ෂණ යෝජනා ක්‍රමද හඳුන්වා දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මුල් මාස 08 තුළ රුපියල් මිලියන විසි දෙදහස් එකසිය තිහක ලාභයක් ඉපයූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ජනක රාජකරුණා මහතා පැවසුවේ එම මුදලින් රුපියල් කෝටි 500ක මුදලක් රජයට ලබාදුන් බවයි.
තෙල් සංස්ථාවේ වංචාවලට සම්බන්ධ වී සිටි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.



