රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ තලාවිටිය ගම්මානයේ රුපියල් මිළියන ගණනක රාජ්‍ය දේපලක් අවබවිතාවන ආකාරය පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා. වසර ගණනාවකට පෙර බාවිතා කළ දැනට අතහැර දමා සිටින දුම්රිය මාර්ගයට යාබද පහළ තලාවිටිය ලි මෝල ඉදිරිපිට දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන ගණනක විමධ්‍යගත මුදල් වැය කර අක්‍රමවත්ව අසම්පුර්ණ ලෙස ඉදිකළ ගොඩනැගිල්ල අද වන විට මත්ද්‍රව්‍ය වෙළදාමේ සහ බාවිතා කරන්නන්න්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බවයි ප්‍රදේශ වාසින් පවසන්නේ.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.