Published
ගතවූ මාස දෙකක කාලය තුළ පමණක් විදෙස් රටවල්වලට පලා ගිය විවිධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු 40ක් නිකුත් කර ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ රතු වරෙන්තු නිකුත් කළ පිරිසෙන් 18 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.